ඉන්දීය ධීවරයින් 06ක් නාවික හමුදා අත්අඩංගුවට

තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකදී ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. 

අදාළ මෙහෙයුමේ දී නාවික හමුදාව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර මුහුදු සීමාව (IMBL) හරහා තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු මන්නාරම ධීවර පරීක්ෂක වෙත භාරදීමට නියමිතය.

පසුගිය අගෝස්තු 22 වැනි දින සිදු කරන ලද මෙවැනිම මෙහෙයුමකදී ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සමඟ මන්නාරමට ඔබ්බෙන් වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙරට ධීවර සම්පත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්‍ෂා කිරීම සඳහා නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published.