IMF නියෝජිතයින් සහ අගමැති හමුවක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

ආර්ථික වශයෙන් අවදානමට ලක්ව ඇති කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා හමුවුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීය. 

රටේ පවතින ආර්ථික අභියෝග සහ අඩු ආදායම්ලාභී මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබද අග්‍රාමාත්‍යවරයා මෙහි දී දැනුවත් කළේය. ශ්‍රී ලංකා රජය විපක්ෂය සහ සෙසු පාර්ශ්ව සමග සාකච්ඡා කර අයි එම් එෆ් මණ්ඩලයට කරුණු වාර්තා කරන බව පීටර් බෘෘවර් මහතා කියා සිටියේය. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සහ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම සදහා සැලසුම් සකස් කිරිමේ දී අවදානම් කණ්ඩයාම් සදහා ආරක්ෂිත පියවර  ගැනීම පිළිබදව ද අයි එම් එෆ් නියෝජිතයින් කරුණු පැහැදිලි කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සණස ව්‍යාපාරය නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණි. සුරේන් රාඝවන්, යදාමිනී ගුණවර්ධන , අනුප පැස්කුවල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සණස සභාපති ආචාර්ය පී. ඒ. කිරිවන්දෙනිය මහතා ඇතුළු පිරිසක් එම අවස්ථවට එක් වුණි.

සණස සතු සම්පත් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ අවස්ථාවේ වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published.