මහාමාන්‍ය ප්‍රතාපාධිකේෂ්වර ශ්‍රවේන්ද්‍ර සිල්වා

රට, ආගම හා ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා බව කියමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ‘මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර’ ලෙස නම්කළ ගෞරව නාමයක් පිරිනමා තිබෙනවා.

ඒ් අස්ගිරි මහා විහාර පරිශ්‍රයේ දී යි.

යුද්ධය නිමාකිරීමට දායක වූ සෙබළෙකු ලෙසත්, යුද හමුදාපතිවරයකු ලෙසත් රටට සිදුකළ අනුපමේය සේවය අගය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙම ගෞරව නාමය ප්‍රදාන කරනු ලැබූ බව සියම් නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය පවසනවා. ඒ ගෞරව නාමය දී ඇත්තේ එම මහා විහාරීය විංශද්වර්ගික කාරක සංඝ සභාව ගත් තීරණයකට අනුවයි.

අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන හිමි විසින් ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිළිගන්වා තිබෙනවා.

එම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ කාරක සංඝසභාව ද මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් ඇතුළු සංඝරත්නය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදාප්‍රධානීන්, පොලිස්පති සහ තානාපතිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගීව සිටියා.

Leave a Reply

Your email address will not be published.