පාඩුයි කියන තෙල් ව්‍යාපාරය විදෙස් සමාගම් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය එම සමාගම් අයත් රටවල් බවයි ඔහු කියන්නේ. ඉදිරිපත් කර ඇති එම යෝජනා සඳහා පත්කර ඇති කමිටුව යෝජනා ඇගයීමට ලක්කර ඊට අදාළ ක්‍රියාවලිය සති හයකින් අවසන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පවසනවා.

ඇමතිවරයා සහ ආණ්ඩුව දිගින් දිගටම පවසා සිටින්නේ ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව සහ ඊට අදාළ බෙදාහැරීම් කටයුතු දිගින් දිගටම පාඩු ලබන බවයි.

Leave a Reply

Your email address will not be published.