උසස් පෙළින් ජයකෙහෙළි නැංවූ හපන්නු

* ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන්
* ජීව විද්‍යා අංශයේ පළමු තැන – මඩකලපුව සාන්ත මයිකල් විදුහලේ තමිල්වානන් තුවාල්ගේෂ්
* ඉංජිනේරු තාක්ෂණයෙන් ප්‍රථමයා – නාරම්මල මයුරපාද විදුහලේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ
* වාණිජ අංශයේ පළමු ස්ථානය – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිණි නේහා අමරරත්න
* කලා අංශයෙන් ප්‍රථම ස්ථානය බදුල්ල කැන්දගොල්ල මහ විදුහලේ ඉෂාර ලක්මාල්

අපොස උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල අනුව ගණිත අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විදුහලේ සහන් සමරකෝන් සිසුවා හිමි කර ගෙන තිබේ.

මෙවර කලා විෂය ධාරාවෙන් ප්‍රථමයා බවට පත් ව ඇත්තේ බදුල්ල කැන්දගොල්ල මහා විදුහලේ ඉෂාර ලක්මාල් සිසුවාය. එමෙන්ම ජීව විද්‍යා අංශයෙන් ප්‍රථමයා බවට පත් ව ඇත්තේ මඩකලපුව සාන්ත මයිකල් විදුහලේ තමිල්වානන් තුවාල්ගේෂ් සිසුවාය. ඔහුගේ ඉසෙඩ් අගය 2.9886ක් වේ. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිණි නේහා අමරරත්න සිසුවිය වාණිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානයට පත් ව සිටියි.

ඉංජිනේරු තාක්ෂණ විෂයෙන් නාරම්මල මයුරපාද විදුහලේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ සිසුවා ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇති අතර ඔහුගේ ඉසෙඩ් අගය 3.2952කි.

Leave a Reply

Your email address will not be published.