පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ජාත්‍යන්තර ආධාර පතයි

– ගංවතුරට බිලි වූ ජීවිත සංඛ්‍යාව දහස පනී
– මිලියන ගණනක් අවතැන් වෙති

මෝසම් වර්ෂාවෙන් හට ගත් දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර ඇතුළත පුද්ගලයන් 119 දෙනකු මිය යෑමෙන් පසු ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා පාකිස්තානයේ පුද්ගලයන් 1033 දෙනකු ගංවතුරට හසු වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද වාර්තා වේ. තවත් මිලියන 30ක පිරිසක් අවතැන් වී ඇතැයි ද, නිවාස මිලියනක් පමණ ගංවතුරට හසු වී විනාශ වී ඇතැයි ද සඳහන් වේ. එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කර ඇත්තේ මරණ ගණන ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ඉහළ යනු ඇති බවය. ගංවතුර හේතුවෙන් අඩාළ වූ ජන ජීවිතය නඟා සිටුවීමට පාකිස්තාන රජය ඉරානය සහ කටාර් රාජ්‍යය ඇතුළුව විදෙස් රටවල් රැසකින් ආධාර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.