ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.
ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ගුණපාල රත්නසේකර, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් 13 දෙනා අද සිට ස්වාධීව කටයුතු කරනු ඇත.