විරෝධතාකරුවෝ ජනාධිපති මන්දිරයට කඩා වදිති

ඉරාකයේ මහමැතිවරණය පවත්වන ලෙස මාස 10කට අධික කාලයක් සිදු කළ උද්ඝෝෂණයට එරට රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එරට ෂියා මුස්ලිම් නායක මුක්තදා අල් සද්ර් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව නිවේදනය කිරීමත් සමඟ එරට ජනාධිපති මන්දිරය වැටලූ සිය ගණනක විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ තිබූ සියලු සුඛෝපභෝභී භාණ්ඩ අත්කර ගැනීමට කටයුතු කිරීමෙන් ගැටුම් උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපති මන්දිරයට ඇතුළු වූ විරෝධතාකරුවන් එහි පිහිනුම් තටාකයට පැන දිය නාමින් ප්‍රීති වන අයුරු දැක්වෙන වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වෙමින් පවතී.

විරෝධතාකරුවන් මැඬ පැවැත්වීමට ඉරාක ආරක්ෂක හමුදාව කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කළද, එය අසාර්ථක වී ඇතැයි වාර්තා වේ. හමුදාව සමඟ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published.