ලොව තුන්වැනි ධනපතියා අදානි

ජාත්‍යන්තර බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ නවතම දර්ශකයට අනුව ලොව ධනවත්ම පුද්ගලයන් අතර තුන් වැනි ස්ථානය ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දීය ජාතික ගෞතම් අදානිට හිමි වී තිබේ. ඊයේ නිකුත් කළ මේ දර්ශකයට අනුව පසුගියදා ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගත් දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකා ජාතික ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වන අතර, ඔහුගේ වත්කම ඩොලර් බිලියන 251කි. දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඩොලර් බිලියන 153ක වත්කමක් හිමි අමෙරිකා ජාතික ජෙෆ් බෙසෝස්ය. ගෞතම් අදානිගේ වත්කම ඩොලර් බිලියන 137ක් වන අතර, අමෙරිකාවේ බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පස් වැනි ස්ථානයට පත්වී සිටී. ඉන්දියාවේ තවත් ධනවතකු වන මුකේෂ් අම්බානිට හිමි වී ඇත්තේ 11 වැනි තැනය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 92කි.

Leave a Reply

Your email address will not be published.