ක්‍රීඩා අනුග්‍රහයට අලුත් අදහසක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඕනෑම ක්‍රීඩාවක් තෝරාගෙන ඒ වෙනුවෙන් අනුග්‍රහය දක්වන ලෙස මෙරට ඇති සියලු තානාපති කාර්යාල කාර්යාලවලින් මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ආයතනවලින් ද ඉල්ලීමක් කිරීමට ජාතික ක්‍රීඩා කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ අනුව එසේ කැමැත්ත පළ කරන රටවල් හා ආයතන වෙත එම ක්‍රීඩාවන්ට පූර්ණ අනුග්‍රහය දැක්වීමට අවස්ථාව සලසා දෙන බවත් එයින් ක්‍රීඩාවේ විශාල ප්‍රගතියක් ඉදිරි වසර කීපය තුළ බලාපොරොත්තු විය හැකි බවත් ක්‍රීඩා ඇමැතිවරයා විශ්වාසය පළ කරයි.

බර්මින්ග්හැම්හිදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් තරග කරමින් කිලෝග්‍රෑම් 225ක් බර ඔසවා ලෝකඩ පදක්කම්ක් දිනාගත් කුරුණෑගල වැල්ලව උඩගම පදිංචි දිලංක ඉසුරු කුමාර ක්‍රීඩකයාට සුබ පැතීම පිණිස දිලංකගේ නිවසට පැමිණි මොහොතේ මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැති රොෂාන් රණසිංහ මහතා මේ අදහස් පළ කළේය. දිලංකට සහ ඔහුගේ පුහුණුකරුට ද අමාත්‍යවරයා විසින් මෙහිදී මුදල් ත්‍යාගයක්ද පිරිනමන ලදී.

Leave a Reply

Your email address will not be published.