දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහල නැන්වීම සඳහා නොමිලේ කිරිපිටි

උපන් නූපන් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහල නැන්වීමේ අරමුණින් නොමිලේ කිරි පිටි බෙදා දීමේ වැඩ සටහනක් මැදවච්චිය සමෘද්ධි මූලස්ථානය මේ දිනවල ක්‍රියාත්මකය.

ඉන්දීයානු මාණුෂීය ආධාර යටතේ තමිල්නාඩු රජයෙන් මැදවච්චියට ලැබී ඇති මෙම කිරි පිටි තොගය මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම් .සී මලවආරච්චි මහත්මියගේ පූර්ණ උපදෙස් සහ සමෘද්ධි මූලස්ථාන කළමණාකරු රාහුල හේරත් මහතාගේ මග පෙන්වීම යටතේ සමෘද්ධි මූලස්ථානය, මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයම ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රථිලාභීන් සඳහා බෙදා දීමට නියමිතය.

ඒ අනුව මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාලය විසින් නිර්දේශ කර එවා ඇති ගැබිණි මව්වරුන් සහ අඩු බර සහිත දරුවන් සිටින මව්වරුන්ගේ නාම ලේඛණය මත පවුල් ඒකක 550 ට ආසන්න පිරිසක් සඳහා කිරි පිටි කිළෝ 550 ක් බෙදා දීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published.