විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයි. කොටස් වෙළෙඳපොළ ද්විත්ව ශතකයකින් ඉහළට

අද (31) දින ගනුදෙනු අවසානයේ දී  කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 205.92 (2.32%) කින් ඉහළ ගොස් ඒකක 9,071.32 ලෙසින් වාර්තා විය.

සියලු කොටස් මිල දර්ශයේ ඉහළ යාම සඳහා සමාගම් 146 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර එයිට්කන් ස්පෙන්ස්, මෙල්ස්ටාකෝප්, හේලීස්, ලංකා IOC, LOLC හෝල්ඩිංග්ස් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර  කැපී පෙනුනි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 66.22 කින් හෙවත් 2.31% කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 2,928.97 ක් ලෙසින් දැක්වුණි.

අද දින රු. බිලියන 4.25 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර මෙහිදී කැපී පෙනන කරුණක් වූයේ රු. මිලියන 991 විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වීමයි.

මේ අතර අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.26 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 293.68 ක් ලෙසින් සටහන් වූ අතර වාර්තා වූ විදේශීය විකිණුම් ප්‍රමාණය රු. මිලියන 293.68 කි.

Leave a Reply

Your email address will not be published.