තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද (01) පැවැත්වෙයි. 

තරගය ඩුබායිහිදී පැවැත්වීමට නියමිත අතර අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩකයෙකු බොහෝදුරට කැඳවනු ඇති බව කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග මහතා සඳහන් කළේය.

මේ අතර ආසියානු කුසලාන තරගයේ ඊයේ (31) පැවති තරගයෙන් හොංකොං කණ්ඩායම පරදා ලකුණු 40ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

තරගයේ පළමුවෙන් පන්දුට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 192ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 152ක් පමණි.

Leave a Reply

Your email address will not be published.