ඉන්ධන මිලට අද කුමක් වෙයිද ? – ඇමතිගෙන් ඉඟියක්

මිල සූත්‍රයට අනුව අද (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබුණ ද අද දිනයේ ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා,

“විශේෂයෙන් අද පළවෙනිදා.. පළවෙනිදා වෙනකොට මේ මිල සංශෝධනයක් සිදුවිය යුතුව තිබුණත් මම විශ්වාස කරන්නේ නැහැ අද තියෙන ආනයනික මිලත් එක්ක ඒ සංශෝධනය තුළින් ඉන්ධන මිලෙහි අඩුවීමක් අද දවසේ වෙයි කියලා.”

“ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ පිරිපහදුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවෙලා කටයුතු කරගෙන යනකොට ඒ සහනය ජනතාවට ලැබෙයි කියලා.”

Leave a Reply

Your email address will not be published.