කාලගුණයේ වෙනසක්

දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹීලි තත්ත්වය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් යාපනය, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (02) දින දහවල් 12:10 ට මූදුකාඩු (පුත්තලම දිස්ත්‍රික්කය), දංගස්වැව (කුරුණෑගල දිස්ත්‍රික්කය), තුත්තිරිපිටිය (අනුරාධපුර දිස්ත්‍රික්කය), හම්මිල්ලෑව (පොළොන්නරුව දිස්ත්‍රික්කය), කුඹුණුමුලෙයි (මඩකලපුව දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Leave a Reply

Your email address will not be published.