දුරකථන සහ රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට යයි

සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබේ.

එම ගාස්තු ඉහළ නැංවීම ලබන 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි. 

ඒ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය යටතේය.

ඒ අනුව ජංගම හා ස්ථාවර දුරකථන සේවා ගාස්තු සහ බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු 20%කින් ඉහළ දැමීමට නියමිත අතර මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු 25%කින් ඉහළ දැමීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.