ඉන්ධන තොග ගැන සමාලෝචනය කෙරේ

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ඉන්ධන අවශ්‍යතා, ප්‍රවාහන සැලසුම්, ඉන්ධන තොග ලබාගැනීම සඳහා වන මූල්‍ය පහසුකම් පිළිබඳව මෙහිදී සමාලෝචනය කර තිබේ.

එමෙන්ම ඉදිරි මාස දෙකක කාලය සඳහා බොරතෙල් පිරිපහදු අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.

අදාළ සාකච්ඡාව සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ සහ මූල්‍ය කළමනාකරණ නිලධාරීන් ද එක්වී ඇත.

Leave a Reply

Your email address will not be published.