මාස හතට සුරා බදු වැටලීම්වලින් කෝටි 25ක මත්ද්‍රව්‍ය දැලේ

– 15,290ක් අත්අඩංගුවට
– 2,874ක් කාන්තාවෝ

මේ වසරේ ජනවාරි 1 දා සිට ජූලි 31 දා දක්වා මාස 7ක කාලයක් තුළ සුරාබදු දෙපාර්තමේන්තුව කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධි මත්පැන්, දුම්කොළ, අබිං හා අනෙකුත් අන්තරායකර ඖෂධ, රා, විදෙස් මත්පැන්වල වටිනාකම රුපියල් කෝටි 25 ඉක්මවා තිබේ.

ඒවා සමඟ සැකකරුවන් 15,290 දෙනකු අත්අඩංගුව ගෙන ඇති අතර, ඉන් 2,874 දෙනකු කාන්තාවන් බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු පැවසීය.

සුරාබදු වැටලීම් 14,562ක්, වස විස අබිං හා අන්තරායකර ඖෂධ වැටලීම් 2,801ක්, දුම්කොළ බදු පනතේ 801ක්, මේ අනුව කර තිබෙන අතර, නීති විරෝධි මත්පැන් නිෂ්පාදන 457ක්, නීති විරෝධි මත්පැන් විකිණීම සහ සන්තකයේ තබා ගැනීම් 200ක්, ප්‍රවාහනය කිරීම් විකිණීම් 9,113ක්, රජයේ අරක්කු සන්තකයේ තබා ගැනීම් විකිණීම් 1,046ක්, සන්තකයේ රා තබා ගැනීම් 2,298ක්, විදේශ මත්පැන් සන්තකයේ තබා ගැනීම් 1,173ක්, සුරා අපරාධ පිළිබඳ තොරතුරු දීමට නොහැකි වීම් 265ක් ලෙස මුළු වැටලීම් 14,562ක් කර ඇත.

මේ ග්‍රහණයන් රට පුරා පිහිටි සුරාබදු ස්ථාන 57ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 5ක් මඟින් මෙන්ම සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් කරන ලද සාර්ථක වැටලීම්වලින් සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published.