එක්සත් ජාතික පක්ෂයට වසර 76යි

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදට (06) යෙදී තිබෙනවා.
එහි සැමරුම් උත්සවය පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලැසුම් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
1946 අද වැනි දිනක මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ නායකත්වයෙන් බිහි කළ එක්සත් ජාතික පක්ෂය, 1947 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලැබුවේ, එවකට පැවති වාමාංෂික පක්ෂ වෙනුවට විකල්ප දේශපාලන පක්ෂයක වුවමනාව සපුරාලමින්.
එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් අතර, එහි දී මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පත් වුණා.
අනතුරු ව නායකයන් රැසකගේ සෙවණ ලැබූ එක්සත් ජාතික පක්ෂයෙන් මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා පසුගිය දා තේරී පත් වුණේ, පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන්.
ඒ අනුව අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු සංවත්සරය යි.

Leave a Reply

Your email address will not be published.