කුරුණෑගලදී කානුවකට වැටී පාසල් සිසුවෙක් මරුට

අධික වර්ෂාවත් සමඟ ජලය පිරී තිබූ අනාරක්ෂිත කානුවකට ඇදවැටී එහි සිරවූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මලියදේව ආදර්ශ විදුහලේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි සජිත් ගුණරත්න නමැති පාසල් සිසුවෙකි.

ප්‍රදේශවාසීන් සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව කානුවේ සිරවී සිටි දරුවා මුදාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ දර්ශන ඉහළින්.

Leave a Reply

Your email address will not be published.