උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොලිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

උසස් පෙළ සමත් සිසුන් සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට වසර 04ක හෝ 05ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය මුදලේ සම්පූර්ණ පොලී මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට අනුමැතිය හිමිව තිබේ.

වසර 05ක කාලයට පසු එළඹෙන ඉදිරි වසර 07ක හෝ 08ක කාලය තුළ පාවෙන පොලී අනුපාතයන් යටතේ සම්පූර්ණ පොලී මුදලත් ණය මුදලත් සිසුන්ට පියවීමට හැකි වන පරිදි එම ණය පහසුකම ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම පාඨමාලා ගාස්තුව වන රුපියල් ලක්ෂ 8ක මුදල තමන් විසින්ම අර්ධ වාර්ෂික පදනමින් ගෙවා එම ණය යෝජනා ක්‍රමයටම ඇතුළත්ව අධ්‍යාපන කටයුතු සිදුකිරීමේ කැමැත්ත පළ කරන සිසුන්ට එම අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එම් රණසිංහ මහතා පැවසුවේය.

උසස් පෙළ සමත් සිසුන් දෙලක්ෂයකින් පමණ සරසවි වරම් හිමි වන 40,000ක් හැරුණු කොට ඉතිරි වන සිසුන් කණ්ඩායමට ඔවුන් ලබා ඇති උසස් පෙළ ප්‍රතිඵල කුසලතා මත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත මෙරට දී ම රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට රජය විසින් මෙම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.