ආපදාවට පත් ජනතාවට වහාම සහන සලසන්න

රට තුළ පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණදෙන ගැටලුවලට සහන සැලසීමට වහා ක්‍රියාත්මක වන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව ආපදා තත්ත්වයක් සඳහා පූර්ව සූදානම් ඇති කරගෙන, ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා, දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.