ඉදිරියේදී සිදුවෙන දේශපාලන පෙරළිය ගැන ඉඟියක්

ඉදිරියේදී වාමාංශික පක්ෂ සහ දක්ෂිණාංශික පක්ෂ අතර බලවේග දෙකක් රට තුළ නිර්මාණය වියහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“මම නම් හිතන්නේ පෙළගැසීම එන්නේ ඉදිරියේ. එක පැත්තකින් දක්ෂිණාංශික බලවේග එකගොඩක එකතුවෙනවා. දක්ෂිණාංශික බලවේග අතර එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය ගන්නවා. ඒ පැත්තට ආකර්ෂණය වෙන පොහොට්ටුවේ ලොකු කණ්ඩායමක් ඉන්නවා. ඊට අමතරව සජබ කොටසක් හෝ මුළු වශයෙන් හෝ එකඟත්වයකට යාවී එක්සත් ජාතික පක්ෂයත් එකක්. සජිත් මහත්තයා එක්කෝ තනි වෙනවා.” 

“ඒකට විපක්ෂව අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණත්, අපේ සන්ධානයත්, ඩලස්ලාගේ මෑතක ඇතිවූ කණ්ඩායමත්.. අතර යම්කිසි සාකච්ඡාවක් ඇතිවීමට විෂය බද්ධව බලකරවනවා අපිට. ඇයි අරකට මුහුණ දෙන්න ඕනේ නේ. පෙරටුගාමීත් ඇතුළත්ව.”

“කුමාර වෙල්ගම මහතා.. ඒකත් දක්ෂිණාංශික එකක් නේ. චන්ද්‍රිකා නේ.. එතන ඉන්නේ. ඒ අය ඉදිරි කාලයේදී නොවළැක්විය හැකි ලෙස ස්වභාවිකව එකතුවෙන්නේ රනිල්ට.”

මේ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එකමුතුවේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) රාත්‍රියේ කොමියුනිට්ස් පක්ෂ කාර්යාලයේදී පවත්වා තිබුණි.
 

Leave a Reply

Your email address will not be published.