අපි අරගලය දිනනවාමයි -දමිතා

අත්අඩංගුවට පත් ගාලු මුවදොර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට අදාළවය.

බත්තරමුල්ල දියත උයනේ ඊයේ (07) පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී ගාලු මුවදොර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැණුනි.

ඒ පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ සිද්ධියට අදාළවය.

අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත රැගෙන ගියේය.

කොටුව පොලීසිය ඇයගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර, මේ වනවිට අධිකරණය වෙත රැගෙන ගොස් තිබේ.

අධිකරණයට රැගෙන යන අවස්ථාවේ ඇය මෙලෙස පැවසීය.

“රට වෙනුවෙන් අරගල කළේ. මිනිස්සු වෙනුවෙන් අරගල කළේ. අපි අරගලය දිනනවාමයි.”

Leave a Reply

Your email address will not be published.