රාජ්‍ය අමාත්‍යවරු අද දිවුරුම් දෙති

රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (08) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම දිවුරුම්දීම සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉන් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට හිමිවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසකට ද අද දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවනු ඇත.

එම රාජ්‍ය අමාත්‍ය ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

මේ වන විට කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු පත්කර ඇති අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු අදාළ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.