අද තරගයේ වෙනස්කම් දෙකක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම සහභාගී වන සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව ඇත.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ අද තරගයේදී චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු විවේක ගන්වා ඒ වෙනුවට ධනංජය ද සිල්වා සහ ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවය.

මේ අතර තරගයට පෙර “අද දෙරණ කෙළිබිම” ට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න තම ක්‍රීඩා දිවිය පිළිබඳව පළකලේ මෙවන් අදහසක්.

“කට්ටිය හිතන්න පුළුවන් මට හැමවෙලේම කේන්ති යනවා. දඟලනවා, කෑ ගහන කෙනෙක් කියලා. මම ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකේ විතරයි එහෙම. මට ජයග්‍රහණය විතරයි මගේ ඔලුවේ වැඩ කරන්නේ. දිනීම පමණයි රට වෙනුවෙන්, මම බැඩ්මින්ටන් සහ මලල ක්‍රීඩා කරපු කෙනෙක්. තනි පුද්ගල ක්‍රීඩාවක් කරනවා කියන්නේ ජයග්‍රහණ පමණයි, ඉතින් මගේ ඔලුවේ වැඩ කරන්නේ ජයග්‍රහණය කිරීම පමණයි. ඉතින් ඒකෙන් එළියේ මම සෑහෙන්නේ වෙනස් ක්‍රීඩකයෙක්. මම සෑහෙන්න එකමුතුයි, සෑහෙන්න ෆ්‍රෙන්ඩ්ලි, මාර ෆන් එකේ ඉන්නේ හැමවෙලේම ඉතින්, ඒ තමයි මම,”

Leave a Reply

Your email address will not be published.