තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍ය ක් බව උතුරු කොරියාව පවසයි.
එරට නිල පුවත් සේවය වන KCNA වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් නව නීතියක් එරට සම්මත කර ඇති බවය.
උතුරු කොරියානු නායකයා වන කිම් ජොන්ග්අන් පවසා ඇත්තේ එම තීරණය නැවත ආපස්සට හැරවිය නොහැකි බවත් න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ හැකියාවක් නොමැති බවය.
එරට ආරක්ෂාව වෙනුවෙන් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවද නව නීතිය මගින් බලගන්වා තිබේ.
දැඩි සම්බාධක පැනවුවද 2006ත් 2017ත් අතර කාලයේදී න්‍යෂ්ටික අත්හදාබැලීම් 6ක් සිදුකිරීමට උතුරු කොරියාව කටයුතු කළේය.