චීනය නිසා F-35 ප්‍රහාරක යානා ගැන අමෙරිකාවට සැකයක්

අමෙරිකානු හමුදාව විසින් භාවිත කරන ප්‍රහාරක ජෙට් යානාවක් වන F-35 යානා භාරගැනීම එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. 

ඒ එම ප්‍රහාරක ජෙට් යානාවල එන්ජිමේ ඇතුළත චුම්බකයක් චීනයේ නිෂ්පාදිත උපාංගයක් (Chinese alloy) බවට තොරතුරු හෙළිවීමෙන් අනතුරුවය.

F-35 ජෙට් යානා නිෂ්පාදනය කරනු ලබන ‘Lockheed Martin’ සමාගම විසින් ජෙට් යානයේ එන්ජිම සඳහා භාවිත කරන ලද කොටසක් චීනයේ නිෂ්පාදිත එකක් බවට තොරතුරු සොයාගත් බව අමෙරිකාව තහවුරු කර තිබේ.

විශේෂිත ලෝහවලට අදාළ ආරක්ෂක රෙගුලාසිවලට F-35 වැඩසටහනේ අනුකූලතාවය සහතික කිරීම සඳහා ජෙට් යානා වැඩසටහන් කාර්යාලය “නව F-35 ගුවන් යානා භාරගැනීම තාවකාලිකව අත්හිටවූ බව එහි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

‘Lockheed Martin’ සමාගම F-35 ගුවන් යානය නිපදවුවද, ටර්බෝමැෂින් නිෂ්පාදනය කරනු ලබන්නේ ඇමෙරිකාවේ පිහිටි ‘Honeywell’ හනිවෙල් නම් සමාගමක් විසිනි.

Leave a Reply

Your email address will not be published.