එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ප්‍රතික්ෂේප වූ ධීවරයින් ගෙන් මැසිවිලි 

ගිනිගැනීමට ලක්වූ එක්ස්‍ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් තමන්ට හිමිවිය යුතු වන්දි මුදල නිසි ලෙස ලබාදී නොමැති බව මීගමුව කලපුව ආශ්‍රිත ධීවරකර්මාන්තයේ නිරත සුළු පන්න ධීවරයින් චෝදනා කරයි.

2021 වර්ෂයේ මැයි මස 20 වනදා මෙරට මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්විය. 

ගින්න මැඩපවැත්වීම සඳහා දින කිහිපයක් ගතවූ අතර ඉන් පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලවී තිබුණි.

ඉන් බලපෑමට ලක්වූ එක් පාර්ශ්වයක් මීගමවු කලපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නිරතවන සුළු පන්න ධීවරයින් ය.

කලපුව ආශ්‍රිතව 3,000කට ආසන්න පිරිසක් ධීවර කර්මාන්තයේ නිරත වෙයි.

නෞකාව ගිනිගැනීම හා එහි අබලි වෙරළට මෙන්ම කළපු ජලයට එක්වීමෙන් ඔවුන්ට මාස කිහිපයක් සිය රැකියාවද අහිමිවී තිබුණි.

නෞවෙන් ඇතිවූ බලපෑම මත ඔවුන්ට වන්දි ලබාදීමට තීරණය කළ අතර එම ගෙවීම් අදියර 03ක් යටතේ සිදුකරන බවට ඔවුන්ට දැනුම් දී තිබුණි.

නමුත් ධීවරයින් චෝදනා කරන්නේ එහි 03වන අදියරේ ගෙවීම් මේ වනවිට අත්හිටුවා ඇති බවය.
 

Leave a Reply

Your email address will not be published.