කෑගල්ලේ මාරක අනතුර – තරුණයින් තිදෙනෙක් මරුට

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ කෑගල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදි තුනක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ තුල්හිරිය හා වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචිව සිටි 27 හැවිරිදි වියේ පසු වූ තිදෙනෙකි.

වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published.