ශ්‍රී ලංකාවට ජය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අද (09) පැවැති අවසන් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමේ ඉනිම ලකුණු 121කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් විය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 122කි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පාකිස්තානය පිටියට පිවිසියේය.

ඒ අනුව පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී පාකිස්තානයට ලබාගත හැකිවූයේ ලකුණු 121ක් පමණි.

පන්දුවාර 17ක් තුළ කඩුලු 05ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 124ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 55ක් ලබාගත්තේය.

මේ අතර ආසියානු කුසලාන අවසන් මහ තරගය ලබන ඉරිදා (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.