ළහිරු ට පහරදීමක් ?

පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සිදුවු පහරදීමක් නිසා ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබුණු බව වාර්තා විය.

පසුව ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

කෙසේවෙතත් මේ වනවිට ළහිරු වීරසේකරට ඇප නියම කර තිබේ.

අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර තිබුණි.

එම සැමරුම අවසන් වී යළි එමින් සිටියදී ළහිරු වීරසේකරව මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත්තේය.

ඒ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ,

“අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ළහිරු වීරසේකරට පහරදීමක් සිදුවෙලා තියෙනවා. අපි මානව හිමිකම් එකට පැමිණිලි කළා. ඒ ගැන පොලීසියෙන් කරුණු විමසමින් යනවා.”

Leave a Reply

Your email address will not be published.