කාන්තා සනීපාරක්‍ෂාව අනතුරේ

සනිපාරක්ෂක තුවා වල මිල ගනන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ආර්ථික අපහසුකම් සහිත කාන්තා පවුල්වල කාන්තා සනීපාරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වන ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීනී ප්‍රභාෂණී වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

රුපියල් 150ක් පමණ පැවති කාන්තා සනිපාරක්ෂක තුවා පැකට්ටුවක් මේ වන විට රුපියල් පන්සීය ඉක්මවා මිල ඉහළ ගොස් ඇතැයි ද ඇය පැවසුවාය.

දියණියන් කිහිපදෙනෙකු සිටින නිවාසවල ආර්ථිකයට මෙන්ම කාන්තා සනිපාරක්ෂාවටද මෙම තත්ත්වය දැඩි බලපෑම් එල්ල කරන බවද ඇය සඳහන් කළාය.

මවගේ සිට සියණිය දක්වා බලාපාන මෙම සෞඛ්‍ය ගැටළුව විසඳීමට රජයේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවද ඇය තවදුරටත් කියා සිටියාය.

මොරටුව මහ නගර සභාවේ මාසික සභාවාරයේදී අදහස් පළ කරමින් ඇය මේ බව පැවසුවාය.

Leave a Reply

Your email address will not be published.