ශ්‍රී ලංකාව පිළිබඳ සිය අධීක්ෂණය ශක්තිමත් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හෙට (12) ආරම්භ වන අතර ඔක්තෝබර් 07 වන දින දක්වා එය පැවැත්වීමට නියමිතය.
එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකාවේ වගවීම් පිළිබඳ ව්‍යාපෘතිය ශක්තිමත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී ඇත.
මානව හිමිකම් තත්ත්වයන් නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම, ප්‍රවර්ධනය සහ නිර්දේශ සැපයීම සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ද එම සංවිධානය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.