නුදුරේදීම බහුතරය විපක්‍ෂයට..

ලෝකයේ මන්දපෝෂණය පවතින රටවල් අතරින් පස්වන ස්ථානයත්, භාණ්ඩ මිල ඉහල යාම අතින් ලෝකයේ දෙවන රට ලෙසත් ශ්‍රි ලංකාව පත් වි ඇති බව සමග ජන බලවේගයේ මහ ලේකම් පා.ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසිය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ  මස්කෙලිය ආසනයේ තරුණ නායකයින් සමග (10) දින පස්වරුවේ ගිනිගත්හේන සමුපකාර උත්සව ශාලාවේ පැවති සුහද හමුවේදිය.

මෙම තරුණ නායකයින් හමු විමේ සුහද හමුව සමගි ජන බලවේගයේ මස්කෙලිය ආසන සංවිධායක කපිල නාකන්දල මහතා විසන් සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටයේ ලෝකයේ ආර්ථික වශයෙන් කඩා වැටෙන රටවල් අතර ශ්‍රි ලංකාවද ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තුවේ ස්වාධිනව කටයුතු කරන මන්ත්‍රිවරුන් සමග විපක්ෂයට මන්ත්‍රිවරුන් 100 වැඩි පිරිසක් සිටින බවත්, ඉදිරියේදි රජයට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන් විශාල පිරිසක් විපක්ෂය සමග එක් විමට මේ වන විට කැමැත්ත පල කර ඇති බවයි.

වත්මන් රජය පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ නොපවත්වා  කටයුතු කරන බවත්, ඉදිරියේදි මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්විමේ නිතිමය බලය ලැබෙන නිසා ලබන වසර තුල මැතිවරණයක් පැවැත්විමට අවස්තාවක් උදා වන බවයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු සමග රජය පවත්වාගෙන යාමට නොහැකි බවයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම සුහද හමුවේදි වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.