මුරකරුවෙක්ව අත් පා ගැට ගසා ඝාතනය කරලා

කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිකිරීමේ ආයතනයක සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර තිබේ.

පිරිසක් විසින් ඔහුගේ අත්පා ගැට ගසා අලෙවි ආයතනයේ ගාල් කර තිබු මෝටර් රථ තුනක රුපියල් තුන්ලක්ෂ 80,000ක් පමණ වටිනා පැති කන්ණාඩි යුගල තුනක් සොරකම් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

පසුදා එහි හිමිකරු පැමිණ මුරකරු පිළිබඳ සොයාබැලීමේ දි ඔහුගේ මළ සිරුර හමුවී තිබේ.

මියගොස් ඇත්තේ 66 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සිද්ධිය පිළිබඳව කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.