පසුගිය සෙනසුරාදා (10) බදුල්ල, හින්ගුරුගමුව ප්රදේශයේ වතු නිවාසයක මවක් සහ දියණියක්ව කපාකොටා ඝාතනය කර තවත් දියණියක් ට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් වාර්තා විය.
එම සිද්ධියට සැකපිට 33 හැවිරිදි පුද්ගලයෙක්ව බදුල්ල විතියපුර ප්රදේශයේදී පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ත්රීරෝද රථ රියදුරෙකි.
දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඝාතනය කර ඇති කාන්තාවකගෙන් සැකකරු රුපියක් 20,000ක් ඉල්ලා ඇති අතර එය නොලැබීම හේතුවෙන් එම ඝාතන සිදුකර ඇති බවය.
ඝාතන සිදුකිරීමට පෙර ඔහු එම කාන්තාවන්ට තර්ජනය කර ඇති අතර ඊට බියෙන් ඔව්න් රන් ආභරණ කිහිපයක් එම සැකකරුට දී තිබුණි.
එම රන් භාණ්ඩ උකස් කර ඇති බවට අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් පොලීසිය පැවසුවේ අදාළ කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවය.