අද IMF ආයතනය ඉදිරියේ වැඳ වැටෙනවා හැරුණ විට අපට හදිසියකට අතමාරුවක්වත් කරගන්නට වෙනත් කිසිඳු විකල්පයක් ඉතුරුව නැත්තේ මේ අත්කරගත් ජාත්‍යන්තර අපකීර්තිය නිසායි. එදා මේ තින්දුව ගත්තේ පාර්ලිමේන්තුවට දැනුම් දී නිසි විවාදයකට ලක් නොකොටයි. අද රජය IMF ආයතනය සමඟ හොර රහසේ එකඟතාවන් ඇතිකරගන්නා විට අපට සාධාරණ සැකයක් මතු වෙනවා මේ සමහර කොන්දේසි රටට ඉතා අහිතකර විය හැකියි’ යයි හිටපු මාධ්‍ය ඇමති , ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී නාලක ගොඩහේවා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ‘නිදහස ජාතික සභාව’ විසින් යටිනුවර සංවිධානය කොට තිබූ රැස්වීමකදීයි
” කඩා වැටුන ආර්ථිකයක් කළමණාකරනය කිරීම පහසු කටයුත්තක් නොවෙයි. අද රජය මුහුණ දී තිබෙන්නේ විශාල අභියෝගයකට බව අපි පිළිගන්නවා. නමුත් ආර්ථිකය කඩා වැටී තිබූ පමනින් ඒ ගැටළු විසඳීමේ මුවාවෙන් රජය ගන්නා වැරදි තීන්දු වලටත් අපිට එකඟ වෙන්න බෑ. අපට පේන විදියට රජය ජාත්‍යන්තර අරමුදලෙන් ණයක් ලබා ගැනීමෙන් රටේ සියළු ප්‍රශ්ණ විසඳෙනවා වැනි සාවද්‍ය මතයක් ජන ගත කරමින් ඉන්නවා. දැන් රජය කියනවා IMF ආයතනය සමඟ රජය නිලධාරී මට්ටමේ මූලික එකඟතාවකට පැමිණ තිබෙනවා කියා. එය සතුටු දායක ප්‍රවෘත්තියක් වන්නේ ඒ එකඟතාව වෙනුවෙන් රජය කරන්නට එකඟ වී ඇති දේවල් මතයි. රජය කොපමන ප්‍රමාණයකින් බදු වැඩි කරන්නට එකඟ වෙලාද ? ඒ වැඩි කරන බදු ජනතාවට බලපාන්නේ කොහොමද, රජය කොපමන ප්‍රමාණයකින් ජනතාවට ලබා දෙන විවිධ සේවාවල ගාස්තු වැඩි කරන්නට එකඟ වෙලාද ? ඒ ගාස්තු වැඩිකිරීම් මේ රටේ සෑම ජන කොටසකටම දරා ගන්නට පුලුවන්ද ? රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් ලාබ ලබන ආයතන විකුණා දමන්නට රජය සැරසෙනවාද, රාජ්‍ය ආයතන විකිණීම සමබන්ධයෙන් අතිශයින් කුප්‍රකට ඉතිහාසයක් තිබෙන ලංකාවේ මේ ගනුදෙනු පාරදෘශ්‍ය ආකාරයකට සිදු වේ යැයි තිබෙනා සහතිකය කුමක්ද. ? රජයේ සේවකයන් අඩු කිරීම සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන එකඟතාවන් මොනවාද ? රැකියා අහිමිවන සේවකයන්ට වන්දි ගෙවීමේ නිසි සැලැස්මක් තිබෙනවාද ? නිදහස් අධ්‍යාපනය හා නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ යෝජනා මේ එකඟතාව තුල තිබෙනවාද ? එසේ තිබෙනවානම් ඉන් සමාජයේ පීඩිත පවුල්වලට අසාධාරණයක් නොවනා බවට ඇති සහතිකය කුමක්ද? මෙවැනි ප්‍රශ්ණ රාශියක් අපට අසන්නට තිබෙනවා. නමුත් රජය දිගින් දිගටම මේ IMF එකඟතාව ගැන විස්තර රටේ පාර්ලිමේන්තුවට ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. රටේ සියලූම මුදල් ගනු දෙනු පිළිබඳ අවසාන බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් රජය පාර්ලිමේන්තුවට සඟවා බරපතල තීන්දු ගනිමින් සිටිනවා. ඒ තීන්දු වැරදුනොත් ජාතියම අපහසුතාවට පත් වෙනවා. හොඳ උදාහරණයක් තමයි පසු ගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවටවත් දැනුම් නොදී විදේශ ණය පැහැර හැරීමට මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව ගත් තීරණය. ඒ වෙලාවේ ණය පැහැර අරිනවා හැර වෙන විකල්පයක් තිබුනේ නෑ කියා මහබැංකු අධිපතිවරයා හා එවකට සිටි මුදල් ඇමති වරයා කියනවා. නමුත් රටේ සිටිනා සමහර පලපුරුදු ආර්ථික විශේසඥයින් ඒ තර්කය පිළිගන්නේ නෑ. ඔවුන් කියනවා රජය ණය හිමියන් හා සාකච්චාවක් නොකොට ඒ අවස්ථාවේ හිතුමතයට අනුගමනය කල ක්‍රියාමාර්ගය රටට දීර්ඝ කාලීනව ඉතා අහිතකරයි කියා. මේ ආකාරයට නිසි සාකච්චා නොකොට ණය පැහැර හැරීම නිසා අපි ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොල තුල අපේ ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසා ගෙන තිබෙනවා. අද IMF ආයතනය ඉදිරියේ වැඳ වැටෙනවා හැරුණ විට අපට හදිසියකට අතමාරුවක්වත් කරගන්නට වෙනත් කිසිඳු විකල්පයක් ඉතුරුව නැත්තේ මේ අත්කරගත් ජාත්‍යන්තර අපකීර්තිය නිසායි. එදා මේ තින්දුව ගත්තේ පාර්ලිමේන්තුවට දැනුම් දී නිසි විවාදයකට ලක් නොකොටයි. අද රජය IMF ආයතනය සමඟ හොර රහසේ එකඟතාවන් ඇතිකරගන්නා විට අපට සාධාරණ සැකයක් මතු වෙනවා මේ සමහර කොන්දේසි රටට ඉතා අහිතකර විය හැකියි කියා. එදා වගේ නෙවෙයි, තමුන්ට බලපානා මුල්‍යමය තීන්දු තීරණ ගැන ජනතාව සමීපව අධ්‍යයනය කරනවා. ඒ නිසා අපි තරයේ ඉල්ලා සිටිනවා මේ මූලික එකඟතාවන් ගැන පාර්ලිමේන්තුව හරහා ජනතාව දැනුවත් කරන්න කියා.
මේ වන විට වාර්ථාවී ඇති තොරතුරු අනුව IMF එකඟතාව තිබෙන්නේ වසර 4 ක කාල සීමාවක් තුල ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම් ලබාදීමටයි. මේ ණය ප්‍රමාණය අඩුම ගානේ මේ වසරේ ලංකාව විසින් ගෙවන්නට තිබෙන ඩොලර් බිලියන 4 ක පමන ණය ගෙවන්නවත් ප්‍රමාණවත් නෑ. මීට අමතරව අපට ඉදිරි වසර කිහිපය තුල සෑම වසරකම ඩොලර් බිලියන 4-5 ක ණය ගෙවන්නට තිබෙනවා. මොකද්ද රජයේ සැලැස්ම මේ ණය ගෙවන්න. රජය සූදානම් වන්නේ තමුන්ගේ දූරකාලය තුල හැකි තාක් දුරට ණය ආපසු ගෙවීම පැහැර හරිමින් දැන් ප්‍රශ්ණයක් නෑ කියමින් ජනතාව රවට්ටන්නද ? ණය ගෙවන්නේ නැතුව පැහැර හරින ඕනෑම කෙනෙකුට තමුන් ගේ වියදම අඩුවුනා කියා තාවකාලික සතුටක් ලැබෙනවා. නමුත් එය ඇත්තටම තිරසාර විසඳුමක්ද ? කොයි වෙලේ හෝ මේ ණය ගෙවන්නට වෙනවා. පොලී පමනක් නෙමෙයි සමහර විට වන්දි පවා ගෙවන්නට සිදු වෙන්න පුළුවන්. අපට වසරකට ඩොලර් බිලියන 5 ක පමන ණය ගෙවන්නට තිබෙනවා නම් ,දැනටමත් අපේ වියදම් හා අදායම් අතර පරතරය ඩොලර් බිලියන 5 පමන වෙනවා නම් ඒ කියන්නේ මේ ගැටලුවෙන් ගොඩ එන්නට අපේ විදේශ ආදායම් ඩොලර් බිලියන 10 කින් වත් ඉහල නංවාගත යුතුයි ඉතාමත්ම කෙටි කාලයක් තුල.දැන් අපි අහන ප්රශ්නය මේකයි. ඉදිරියේදී හෝ මේ ණය ගෙවීම සඳහා විදේශ ආදායම් වැඩි කරගන්නට රජය මෙතෙක් ඉදිරිපත් කොට ඇති වැඩ පිලිවෙල කුමක්ද ? ලාබ ලබන රාජ්‍ය දේපල විකිණීමේ සැලසුම හැරුන විට අන් කිසිම සැලැස්මක් ගැන අද වන තුරු අපිට නම් අසන්නට ලැබෙන්නේ නෑ. දේපල විකුණා කෑමට අපට රජයක් අවශ්‍යද ? ඔබට මතකද අද ඉන්න පාලකයෝම 2017 හම්බන්තොට වරාය ඩොලර් මිලියන 900 කට විකුණා දැම්මා. හදන්නට ගිය මුදලත් ඩොලර් මිලියන 1750 ව තිබියදී එලෙස කුණු කොල්ලයට විකුණා දමා ගත් ඩොලර් මිලියන 900 ට වුනේ කුමක්ද ? ඒ මුදලින් එක පාසලක් හැදුනාද, එක රෝහලක් හැදුනාද ? එක නිවසක් හැදුනාද, එක පාරක් හැදුනාද ?. අදටත් ඒ මුදල වියදම් කල ආකාරය ගැන කාටවත් පහැදිලි කරන්න බෑ. මෙන්න මේ හේතුව නිසායි, අපි අනාගතයේත් රටට මුදල් උපයන්නට පුලුවන් ලාබ ලබන ආයතන විකුණනවාට විරුද්ධ. උදාහරණයක් වශයෙන් බලන්න මේ අය විකුණන්නට සුදානම් වෙන ශ්‍රී ලංකා කේටරින් ආයතනය. වසරකට රුපියල් බිලියන 3 ක් පමන ලාබ ලබනා මේ ආයතනය ආහාර සපයන්නේ ශ්‍රීලංකා ගුවන්සේවයට පමනක් නොවෙයි. ලංකාවට එන ඕනෑම ගුවන් යානයකට ආහාර සපයන මේ ආයතනය, ශ්‍රී ලංකා ගුවන් සේවය නැතුව ක්‍රියාත්මක වෙන්න පුලුවන් ආයතනයක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු මකා ගන්නට කියා තව පරම්පරා ගනනාවකට රටට විදේශ විනිමය ඉපයිය හැකි ආයතනයක් විකුණා දැම්මොත් වෙන්නේ එදා හම්බන්තොට වරාය වසර 200 කට විකුණා එක් වසරක් තුල කා බී විනාශ කල ආකාරයේම හානියක්.
අපි මේවා ගැන ජනතාව දිගින් දිගටම දැනුවත් කරනවා. අවසාන තීන්දුව තිබෙන්නේ ඔබේ අතේ