සිපෙට්කෝ තෙල් ටෙන්ඩරයට තෙල් නිපදවන කිසිම රටක් නෑ

මෙරටට ඉන්ධන ආනයනය සඳහා ලබාදීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන ලද නමුත් ඊට තෙල් නිෂ්පාදනය කරන කිසිදු රටක් ඉල්ලුම් කර නැති බව වාර්තා වේ.

එම ටෙන්ඩරය සඳහා ආයතන 20-25ක් අතර සංඛ්‍යාවක් ඉල්ලුම් කර ඇති අතර ඒ අතරින් සුදුසුම ඉල්ලුම්පත් 10ක් තෝරා ගෙන තිබේ.

නමුත් ඒ අතර කිසිදු තෙල් නිෂ්පාදනය කරන රටක් නැති අතර ඒවා තැරැවුකාර සමාගම් වෙයි.

එනිසා තැරුව්කාර සමාගම්වලට ඉන්ධන ආනයනය කිරීමට ඉඩ ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වූ පසුව සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.