පොහොට්ටුවන් ජනපති වටකර ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටපුරා සංචාරය සිදුකරන අතර වාරයේ එම සංචාරයන් පිළිබඳ එක්සත් ජාතික පාක්ෂිකයින් සහ පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් නිසි අයුරින් දැනුවත් නොකරන බවට මේ වන චෝදනා එල්ලවී ඇතැයි අන්තර්ජාල නාලිකාවක් විසින් හෙලි කරයි.

එම බොහෝ අවස්ථාවලදී පොදුජන පෙරමුණේ සංවිධායකවරුන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වට කොට ගමන් කිරීම හේතුවෙන් එජාපයේ සංවිධායකවරුන් සහ පාක්ෂිකයින් තව දුරටත් දේශපාලනික වශයෙන් අපහසුතාවයට පත්වන බවද සදහන්ය.

පසුගියදා ජනාධිපතිවරයාගේ කතරගම සංචාරය අතරතුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක පුන්සඳ මහකුඹුර ඇතුළු පිරිසක් මේ අයුරින් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන්ද මෙවැනි සිදු වීමක් වාර්තා වී ඇතැයි වාර්තාව පැවසීය.

Leave a Reply

Your email address will not be published.