මේ ජයග්‍රහණය මුළු ලංකාවටමයි -භානුක රාජපක්ෂ

ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු සහයෝගයට හදවතින් ම ස්තූති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසයි.

ආසියනු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අතර, එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනා තරගාවලියේ දී දක්ෂතා දැක්වූ අතර, ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් විශාල අභියෝගයන්ට මුහුණදුන් බවය.

ක්‍රීඩකයින් සියලුදෙනා හොඳ මානසිකත්වයෙන් සිටින බවත් එය ඉදිරියට ගෙන යමින් ලෝක කුසලානය වෙනුවෙන් මෙලෙසම ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් භානුක පැවසීය.

“එකමුතුකම හැමෝම දකින්න ඇති අපි ක්‍රීඩා කළේ හැමෝම එක්කෙනෙක් වගේ එකට බැහැලා. මම කියනවා ට වඩා ලේසියි දැකපු අය ඒක දන්නවා.”

“අපි ඇත්තටම ස්තූති කරන්න ඕනේ ක්‍රීඩකයින් වශයෙන් ලොකු හයියක් ප්‍රේක්ෂකයින් අපිත් එක්ක ඉන්න එක. සමහර වසර ගාණක් තිබුණා අපි ජයග්‍රහණයට ළං වුණෙත් නැති. ඒ ගොල්ලෝ අපිව බැක් කරලා දුන්න සපෝට් එකට හදවතින්ම ස්තූති කරනවා. මේ ජයග්‍රහණය මුළු ලංකාවටම. අපි ගැන සමහර විට රටක් විදියට මිනිස්සු බලන විදිය වෙනස්. මම හිතනවා මේ වෙලාවේ අපි කරපු දෙයින් යම් හිනාවක් ගේන්න ලැබුණා නම් ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්.”

Leave a Reply

Your email address will not be published.