තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස්  එම කාලය දීර්ඝ කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියදුරු බලපත්‍ර කාඩ්පත් විදෙස්ගත වන නව බලපත්‍රලාභීන්ට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඇණවුම්කර ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.