අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.

පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේ එළඹෙන සතියේ න්‍යාය පත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා එම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.

ඒ අනුව ලබන සතියේ 20 වනදා සිට 23 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා කිහිපයක් මේ දක්වාත් පිහිටුවා නොමැත.

ඒ අනුව එම කාරක සභා සඳහා සභාපතිවරු සහ සාමාජිකයින් පත්කිරීම පිළිබඳව ද අද දිනයේ රැස්වන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.