නෙළුම් කුලුන හෙට සිට විවෘතයි

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කු‍ලුනේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින අවසන් කෙරුණු  අතර ඒ සඳහා චීන සමාගම විසින් ලබාදුන් ණය මුදලේ ගෙවීම් කටයුතු 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.

මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුලුන ආයෝජනයට එක්ව ඇති අතර ආයෝජකයින් 22ක් ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති බව නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේය.

මේ වසරේ දෙසැම්බර් 31 වන දින වන විට විවිධ උත්සව 15ක් සඳහා ඇණවුම් ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

හෙට සිට නෙළුම් කුලුන ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගනිමින් ඊට පිවිසිය හැකි වේ.

එමෙන්ම විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20ක් වන බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.