රත්‍රං සහ දුම්වැටි තොගයක් සමග සැකකාරියක් අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ රත්‍රං සහ විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකාරිය ඊයේ (13) ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසයි.

අදාළ සැකකාරිය ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඇය සතුව තිබී රත්‍රං ග්‍රෑම් 116 මිලිග්‍රෑම් 600ක් සහ විදේශීය දුම්වැටි පැකට් 94ක් පොලිස් භාරයට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය සහ අදාළ භාණ්ඩ පොලීසිය විසින් රේගුවට වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 32ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Leave a Reply

Your email address will not be published.