මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙිවි

තව මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පැවසීය.

ලංකාව තිස් වසරක යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කළ අතර  ජාතික ප්‍රශ්නයට විසඳුමක් සඳහා දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කරන බවද   ජනාධිපතිවරයා කීය.

තුන්වන පාර්ශ්වයකට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ලංකාව භාවිතා කළ හැකි යැයිද මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු කිරීම අනාගතයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය .

ඉන්දීය සාගර කලාපයේ මහා බලවතුන් අතර  එදිරිවාදිකම් දැකීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි කී ජනාධිපතිවරයා  ඉන්දීය සාගර කලාපය සාමකාමී කලාපයක් ලෙස දැකීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ද  අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව කිසිවිටක  කලාපයේ කිසිදු හමුදා ක්‍රියාකාරකමක නිරත නොවනු ඇතැයි කී ජනාධිපතිවරයා ලංකාවෙි සියලුම වරායන් වාණිජ කටයුතු සඳහා පමණක් භාවිතා වන බවද කීය.

 චීනයට හම්බන්තොට වරායේ කොටස් හිමිව ඇත්තේ ණය කළමණාකරණ ක්‍රියාවලියක් ලෙස පමණක් බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොල්ලුපිටිය ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පළමු උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.

Leave a Reply

Your email address will not be published.