රටක් නැලවූ ගීත පද රචකයා දිවියෙන් සමුගනී

ප්‍රවීණ ගීත පද රචකයෙකු වන ආනන්ද පද්මසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඔහු 63 හැවිරිදි වියේ පසුවිය.

අද (14) අලුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

රන්ජන් රාමනායක මහතා ගයන අතිශය ජනප්‍රිය ගීතයක් වන රන් සමනල ජෝඩුව වාගේ, ජිප්සීස් කණ්ඩායම ගායනා කළ ඔබ ඉන්නේ කොහෙද කියා, මේරියන්ස් කණ්ඩායම ගයන සාමේ ඉරේ රැස් දහරාවේ, මිල්ටන් මල්ලවආරච්චි ගයන සීතල හිම රටේ, රූකාන්ත/ චන්ද්‍රලේඛා ගයන නිල් තරු නෙතු හිනැහේ, විජය කුමාරතුංග ගයන දේවදාර ගස් අතරින් එබී බලන, එච්. ආර්. ජෝතිපාල ගයන පාලු හැන්දෑවේ ආදී ජනප්‍රිය ගීත රැසක් එතුමා විසින් රචනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.