කැලණියේ දී ඝාතනය වූ පුද්ගලයා ගැන තවත් තොරතුරු

කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයාගේ දුරකථනයට අවසන් වරට පැමිණි දුරකථන අංක ඔස්සේ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි අදාළ පුද්ගලයාට මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එලෙස මියගොස් ඇත්තේ, වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මොහොමඩ් අරීෆ් මොහොමඩ් හුසේන් නැමැත්තෙකි.

මියගිය පුද්ගලට එරෙහිව ඝාතන තුනක් සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතින අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයින් වන තෙල්බාලා, ආනමාළු රංග සහ වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

වෙඩිවැදීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා රාගම රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇති අතර, වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.