ඩොලර් නැතුව ඉන්ධන නෞකා 3 ක් මුහුදේ

ඩීසල් නෞකා දෙකකට සහ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවත් එම නෞකා තුනට සම්පූර්ණ මුදල් ගෙවීමට සාකච්ඡා කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද (15) පස්වරුවේ පැවසීය.

බොරතෙල් නෞකාව අගෝස්තු මස 23 වැනිදා කොළඹට ළගාවූ අතර ඩීසල් නෞකා දෙක මේ මස 4 සහ 7 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවූ බව ද කී එම නිලධාරියා එක නෞකාවකට මුදල් අර්ධ වශයෙන් ගෙවා ඇති බව ද සඳහන් කළේය.

මෙම එක නෞකාවක ගුවන්යානා ඉන්ධන තොගයක් ද ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කීය.

Leave a Reply

Your email address will not be published.