ඩොලර් වලින් පමණක් ගණුදෙනු කරන දූපතක් මන්නාරමට..

සංචාරකයන් සඳහා විනෝදාස්වාදය ලබාදීමට මන්නාරම් ප්‍රදේශයේ දූපතක් තෝරාගෙන ඩොලර් වලින් පමණක් ගනුදෙනු කරන දූපතක් සංවර්ධනය කළ හැකි බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

එමඟින් මෙරට සංචාරක කර්මාන්තයට ආකර්ෂණයේ ඉහල නංවා ගත හැකි බවත් ඒ හරහා විශාල ආදායමක් ලබාගත හැකි වනු ඇති බවත් ඇය පැවසුවාය.

තම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

“මන්නාරම දූපත අපට සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන් Entertainment Macau කියන රට වගේ. ඒ රට ඔක්කොම Entertainment. Macau දූපත වගේ මන්නාරම් දූපත සම්පූර්ණයෙන් Entertainment එකක් කරන්න පුළුවන්, Entertainment දූපතක් ඩොලර් වලින් පමණක් Business කරන, රුපියල් නැහැ, ඩොලර් පමණයි. මේක අපි convert කරලා බලන්න ඕන ඩොලර් වියදම් කරන තැනක් විදිහට විතරක්. වියදම් කරන්න ඕන තරම් රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා, එහෙම හැදුවොත්. ඉතින් ඒක නිසා අපි ඒ වගේ දේවල්, එතකොට ඒ වට පිටාවේ තියන අපේ එයාර්පොර්ට් ටික, අපේ airport ටික Develop කරන්න පුළුවන් ඒ හේතුව හින්දා. ඉතින් එතනට එන ලඟම පලාලි තියනවා, ජැෆ්නා තියනවා, KKS තියනවා. ඒ වගේ Airport තියනවා. එතකොට ඒවා අපිට සම්පූර්ණයෙන්ම Develop වෙනවා.”

Leave a Reply

Your email address will not be published.